Monday, January 17, 2011

ලොව ප්‍රකට serial killers ලා...

Ed Gein (Killings between 1947 and 1957)




Ed ගොඩක් ජනප්‍රිය කෙනෙක්. එයගෙ චරිතය ඇසුරෙන් හදපු ෆිල්ම්ස් කිහිපයක්ම තියනවා.Psycho , The Silence of the Lambs.

Ed එයා මරපු අයව හම ගහන්න ආස කරපු පුද්ගලයෙක්.ඒ විතරක් නෙමේ, මිනි වලවල් වලින් මල මිනි ගොඩ ගන්න , තමන් මරපු අයගෙ ඇගෙ කෑලි වලින් ගෙදර සරසන්නත් Ed කැමති.
1906 ඉපදිලා තියෙන්නෙ.තත්තා බොන්න පුරුදු වුන හින්දා එඩ් හුගක් අම්මට සමීප වුනා. අම්මා ගොඩක් අගම් ඇදැහුව හින්දා මෙයත් එවයෙ ගැඹුරු පැත්ත ගැන හොයන්න හදල තියෙනවා.අම්මත් පස්සෙ කලෙක මැරුන හින්ද , එඩ් ලින්ගික සිහින , කාන්ත ව්‍යුහ විද්‍ය්‍යාව වගේ දෙවල් මෙයාගෙ හිතට වෙනදටත් වඩා කා වැදුනා.

මෙයා මිනි වලවල් හාරන්න පටන් ගත්තා පරීක්ෂන කරන්න. ඒ පරික්ෂන භායනක මිලේච්ච එවා උනා. එඩ්ට ඔනා උන ගෑනු කෙනෙක් වෙන්න. හැබැයි අමුතු විදියකට. ගැහනුන්ගෙ පියයුරු කපල එවා තමන්ගෙ ඇගේ දාගෙන ඉන්නයි එයා හැදුවෙ.එත් මේ දේ කරන්න මිනි වලවල් වලින් ගන්න මිනි විතරක් මදි හින්දා එයා මිනිස්සු මරන්න පටන් ගත්තා.

පොලිසිය පස්සේ එඩ්ව අල්ල ගත්තා. එයාගෙ ගෙදර තිබිලා ඔලුව නැතුව බෙල්ලෙන් එල්ලපු මිනි , හිස් කබල් වලින් හදපු බදුන් , මිනිස් හමෙන් හදපු පලදනා , එල්ලපු තොල් වගෙ භයානක අප්‍රසන්න දේවල් ගොඩක් හොයගන්න පොලිසියට පුලුවන් උනා.

ඒ වෙනකොට එයා ගැහනු 15 ක් මරල තිබ්බ. හැබැයි එඩ් කීවෙ ඒ මල මිනි ගද ගැහුව හින්දා කවදාවත් එවා එක්ක ලින්ගික ක්‍රියකාරකම් කරන්න එයා පෙලඹුනේ නෑ කියලා.අවුරුදු 78 දි පිලිකාවක් හැදිල එඩ් මරුන.



..........................................................................


Ted Bundy (Killings between 1974 and 1978)





ඕනම කෙනෙක් වශි කරවන පෙනුමක් මිනීමරුවෙක්ට උනත් හම්බෙනවා කියලා පෙන්නුව කෙනෙක් තමා Ted Bundy. එයා ලෝකෙම ජනප්‍රිය serial killer කෙනෙක්. කඩවසම් , වැදගත් පෙනුමක් තිබුනත් කාන්තවන් දුෂණය කරලා මරන්න bundy ආස කරා. මානසික රෝගයක් හින්දා මල සිරුරු එක්ක ලින්ගික ක්‍රියාකාරකම් කරන්නත් මෙයා පෙලඹුනා.

Bundy ගොදුරු ඩැහ ගන්න කලින් මත්පැන් බොන්න පුරුදු වෙලා හිටියා.කාන්තාවන් දුෂණය කරලා එගොල්ලන්ව මැරුවට පස්සෙ Bundy එවට make-up දානවා. ඊට පස්සෙ එව කුනු වෙනකන් ලග තියගෙන නිදා ගන්නත් bundy ආස උනා.

අවුරුදු 14 දි විතර තමයි bundy අපරාධ කරන්න පටන් ගත්තෙ. එයාගෙ ගොදුරු ගොඩක් එයාගෙ පලමු පෙම්වතියගෙ හැඩරුවට සමාන වීමත් විශේෂයක්.
පෙම්වතිය තමන් හැර යාමත් සමගම තමයි මෙයා දුක අඩු කර ගන්න මේවට පුරුදු වෙලා තියෙන්නෙ.
Bundyව අල්ල ගන්නකොට එයා 40 දෙනෙක්ව මරල තිබ්බා.

bundyගේ ගෙදරදී හම්බවුන ආයුධ



 

....................................................................


David Berkowitz – Son of Sam (Killings between 1976 and 1977)
 



 

David ප්‍රසිද්ද උනේ Son of Sam , 44 Killer වගේ ආරූඩ නම් වලින්.
David New York වල හිටපු මිනී මරුවෙක්. ගොඩක් ප්‍රසිද්ද වෙන්න හේතු උනේ එයා කෙනෙක් මැරුවට පස්සේ ඒ ගැන විස්තර කියල පොලිසියට , මාධ්‍ය වලට ලියුම් යැව්ව නිසා.

David එයාගෙ ඝාතන වලට හේතුව විදියට කීවෙ , තමන්ට යක්ෂයන් මෙහෙම මිනි මරන්න අණ දෙනවා කියලයි.

උදාහරණ - බල්ලෙක් බිරුවොත් David හිතන්නෙ ඒ කාන්තාවක් මරන්න කියලා යක්ෂයන් ඒයාට අණ කරනවා කියලා.

තමන්ගෙ අසල්වැසිය බල්ලන් වගේ පෙනී ඉන්න යක්ෂයන්ගේ නායකයා කියලත් Daivd හිතුවා. මෙහෙම හැම රැයකම David අපරාධ කරන්න පටන් ගත්තා.මරන්න බැරි උනත් මිනිස්සුන්ට තුවාල කරල හරි රිද්දන්න David පුරුදු උනා.

David ඉපදුනේ 1953දී. තම පියාගෙන් මව ගැන විමසන හැමවෙලාවෙම ඔහු කීවෙ " උඹ ඉපදෙනකොටම අම්මා මැරුණා " වගේ කතාවක් . අම්ම මැරුවේ තමන් යන හැගීමෙන් David නිතර කෝප ගන්න පුද්ගලයෙක් උනා. පසු කලෙක එයා කරපු මිනි මැරුම් වලටත් හේතු උනෙ මෙම සිද්දි කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරේ.

පසු කලෙක Davidට තම මව ඇත්තටම ජීවත් වෙනවා කියලා දැන ගන්න ලැබුනත් ( පියා බොරුවක් කියා තිබුනේ මව David කුඩා කාලයේම ඔහුව හැර ගිය හින්දා ) ඒ වෙනකොට පරක්කු වැඩියි. කුඩා Davidගෙ සිත තුල තිබුන විශ්වාස වෙනස් උනේ නෑ.පවුල් ප්‍රශ්න නිසා අපරාධකාරයෙක් උන මේ මිනිසාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබුනා.


...........................................................................


Jeffrey Dahmer – Monster (Killings between 1978 and 1991)







Dhamer මැරුවෙ පිරිමි ලමයින්. ඒ කීවෙ ආසියාතික හෝ අප්‍රිකානු පෙනුමක් තියෙන අයව තමයි Dhamerගේ ගොදුරු උනේ. මිලේච්ච වද හින්සා දීලා මිනී මරපු හරිම බිහිසුණු ඝාතකයෙක් විදිහට Dhamer හදුන්වන්න පුලුවන්. Necrophilia කියන මල මිනි වලට ඇති වන ආකර්ෂණය නැමැති මානසික රෝගයෙන් පීඩා විදි Dhamer මල මිනී වල අවයව ඉවත් කිරීමට නිතරම උත්සහ දරපු කෙනෙක්.

Dhamerව ඉස්සෙල්ලම අත් අඩන්ගුවට ගත්තේ අවුරුදු 13ක කුඩ ලමයෙක්ව අනිසි විදියට හුරතල් කර කර ඉන්නකොට. හිරේ ඉද්දි Dhamerගෙ තිබ්බ හොද හැදියාව හින්ද අවුරුද්දකින් ඔහුව නිදහස් කරා. ඊට පස්සෙ Dhamer තමන්ගෙ අපරාධ ජීවිතය පටන් ගත්තා.

Dhamer ගෙ පලමු ගොදුර අවුරුදු 19 ක් තරුනයෙක්. එතකොට Dhamerට අවුරුදු 18යි.
Dhamer විදයාඥයෙක්ගේ පුතෙක්.කුඩා කාලේ ඉදන්ම මැරුණු සත්තු කපා කොටා බලන්න Dhamer ආස කල . අධික ලෙස බීමට පුරුදු උන හින්දා පාසලෙන් Dhamer ව අයින් කලා. පියාගෙ බල කිරීම හින්ද හමුදවට බැදුනත් ඔහුට නැවත ගෙදර ඒමට සිදු උනෙ තම බේබදු කම හින්දා. තමන්ගෙ තත්තාගෙ මුහුණ බැලීමට කිසිදු අවශ්යතාවයක් තිබ්බෙ නැති හින්ද Dhamer ඔහුගෙ මිත්තණිය සමග වාසය කිරීමට ගියා. අවුරුදු 6 කට පසුව ඇය Dhamer ව ගෙදරින් එලියට දැම්මා.ඒ Dhamer නිරුවත්ව මහ මග ගමන් කරන බව අසන්නට ලැබීමෙන්.

පොලිසියෙන් Dhamerව කොටු කර ගත්තම Dhamer පිලි ගත්තා තමන් මිනී මැරුම් 15 කට වගකිවයුත්තා බව. හිරේදි Christopher Scarver නැමැති තවත් හිරකරුවෙක්ගෙන් දරුණු ලෙස පහර කෑම නිසා Dhamer හිර කුටියේම මිය ගියා . Christopher Scarver පසු කලෙක පැවසුවෙ මෙවැනි මිනිසෙක් මැරීමට ලැබීම තාමට සතුටක් බවයි.


...........................................................................

Gary Ridgway – The Green River Killer (Killings between 1982 and 1984)



මේ ඇමරිකානු ඉතිහාසයේ දරුණු අපරාධකරුවෙක් මෙන්ම , ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම කාන්තාවන් ඝාතනය කල Serial Killer කෙනෙකුගේ වචන පෙළයි.

ඔහු Gary Ridgway හෙවත් The Green River Killer .

1982 , July 15 අවුරුදු 16ක් පමණ වයසැති ගණිකාවකගේ මල සිරුරක් Green River ඉවුරු අසල තිබි සොය ගැනුනි. එකල Green River ඉවුරු අසල පිහිටි Aurora මාවත යනු ගණිකාවන්ගේ පාරාදීසයකි. පෙර කී තරුණිය Gary ගෙ ප්‍රථම ගොදුරයි. ඇයව දුෂණය කර බෙල්ල සිර කොට මරා දමා තිබුණී.
මොහුගේද අපූරු පුරුද්දක් පැවතුනි.එනම් , තමා විසින් මරා දැමුවන්ගෙ මල සිරුරු සමූහ වශයෙන් රැගෙන ගොස් තමා විසින්ම තොරා ගත් ස්ථාන වලට දැමීමයි. පසු කලෙක එම ස්ථාන අසලින් රිය පදවන විට තම මරා දැමුවන් සිහි වීම ඔහුට ඔහු ගැනම උදාරත්වයක් ගෙන දීමට සමත් වී ඇත.

පොලිසියට මෙම ගණිකාවන්ගෙ මාරයා සොයා ගැනීමට නොහැකි වූ හෙයින් ගණිකාවන් ඝාතනය දිනෙන් දින උත්සන්න විය. ගණිකාවකට වුවත් ජීවත් වීමට අයිතියක් තිබේ.පොලිසිය නිතර දෙවේලෙ Gary පිලිබද විමසිලිමත් විය. මේ අතර පෝරකයට නියම වී සිටි Ted Bundy නැමැති මිනී මරුවා පොලිසියට Gary පිලිබද තොරොතුරු ලබා දීමට සමත් විය.
Gary Ridgway ඇමරිකාවේ Utah ජනපදයේ Salt Lake නම් නගරයේ උපත ලැබු අයෙක්. ඔහුගේ මව රළු ගති පැවතුම් වලින් හෙබි කාන්තාවක්. නිතරම මව හා පියා අතර ඇති වු ගැටුම් මෙන්ම මවගෙන් සෑම් විටම අසන්නට ලැබු අවලාද නිසා Garyට උරුම වූයේ පීඩාකාරි ලමාවියක්. අවුරුදු 16 දි Gary විසින් සිදු කල පිහි ඇණුමක් හේතුවෙන් අවුරුදු 6 කුඩා දරුවෙකු මිය ගොස් ඇත.

Gary විවාහකයෙක්. පුදුමය ,ලොවට ඔහු කෙතරම් අපරධකාරයෙකු වුවත් , තම බිරිදට ඔහු දෙවියකු බදු වීමයි. එතරම් ආදරයෙන් තම බිරිදට සැලකීමට තරම් Gary හොද ස්වාමිපුරුෂයෙක් විය . Gary යනු චරිත දෙකකි.

Gary පොලිසියට කොටු කර ගන්නා විට ඔහු කාන්තාවන් 70 කටත් වඩා අධික සන්ඛයාවක් මරා දමා තිබුනි. 2003 දී තමාට සාමව දෙන්නයැයි පවසමින් Garyඅභියාචනයක් ඉදිරිපත් කල අතර එය අවලන්ගු විණි. ඔහුට ජීවිතාන්තය දක්ව සිර දඩුවම් නියම විය. අදටත් Gary Washington හී සිර මැදුරක ජීවත් වේ. 


........................................................................ 




Belle Sorenson Gunness (Killings between 1900 and 1908)




අපරාධ කරන්න පිරිමියෙකුම විය යුතු නැත . Serial Killer නැමැති පට්ටම රැගත් කාන්තාවො රැසක් සිටී . ඒ අතරිනුත් සුවිශේෂී ඇය, Belle Gunness . බොහෝවිට අපරාධකාරියො මිනී මැරීමට විස ආයුදයක් ලෙස යොදා ගනී. එහෙත් Belle තම ඉලක්කය කපා කොටා මරා දැමීය. Belle නෝර්වේජියානු කාන්තාවකි. සිය ප්‍රථම ස්වාමි පුර්ෂයාගේ මරණයෙන් හිමි වු රක්ෂණ මුදල් වලින් La Porte හි ඉඩමක් මිලදී ගැනීමට ඇයට හැකි විය.
පෙර කී පුරුෂයාට දාව Belle ට දරුවන් කිහිපයක් සිටි අතර ඔවුන් සියලු දෙනා අබිරහස් ලෙස මිය ගොස් තිබුනේ , පොලිසියට Belle ගෙන කිසිදු සැකයක් ඇති නොකරමිනි. la porte හි වාසය කරන අතර තුර Peter Gunness නැමැති තැනැත්තෙකු සමගින් ඇය නැවැත විවහ විය. ගත වූයෙ මස 9 ක් පමණයි.Peter මිය ගියෙ නැවතත් රක්ෂන මුදල් බෙල්ලෙ හට හිමි කර දෙමින්ය.
ඉන් පසුව එලබි අවුරුදු කිහිපය තුලදීත් ඇගේ ජීවිතයට පැමිණි මිනිසුන් අබිරහස් ලෙස අතුරුදහන් වන්නේ කිසිදු හෝඩුවාවක් නොමැතිවයි.

කල් ගත් වත්ම , ඇය ප්‍රසිද්ධ වුයෙ , Black Widow යනුවෙනි. මේ අතර තුර ඇය තමා හට කලින් කලට රැකවරණය ලබා දීමට පැමිනෙන ස්වාමිපුරුෂයන් , තම ගොවිපලේ සේවකයන් , තම දරුවන් පව මරා දැමීමට තරම් ඇය සාහිසික විය.
Belle ගේ පවුල් පසුබිම පිලිබද විවිධාකාර වූ විස්තර වාර්ථා වී ඇත.
වරක් ඇය එක් මිනිසෙකු නිසා ඇය ගැබිණියක්ව සිටියදි , ඔහුගෙන් ලද පා පහරක් හේතුවෙන් දරු ගැබ නැති වු බව පැවසේ. Belleගේ සහෝදරියක් පවසා ඇත්තේ බෙල්ලෙ යනු මුදල් වලට දැඩි ලෙස ආශා කල තැනැත්තියක් බවයි.

1908 දී , Belle ගේ ගොවිපල ගිනි ගත්තේය. පොලීසියට පිලිස්සුනු සිරුරු කිහිපයක් සොයා ගැනීමට හැකි වූ අතර ගෙල නොමැති කාන්තා ( දැවී ගිය ) මල සිරුරුවක් ද ඒ අතර විණි.Belle ගේ ලමුන් පැවසුවේ ඒ තම මව බවයි. ඒ අනුව ඒ Belle ගේ මල සිරුර බව විශ්වාස කලත් Belle ට සිදු වු දෙය අදටත් රහසකි.
Belle ඒ අපරාධ ජීවිතය හෙලි වන්නේ මෙතැන් පටන්ය. ගොවිපලේ සගවා තිබූ මල සිරුරු රැසැක් පොලිසිය විසින් සොය ගැනුනී.
සමහරෙක් ඒවා පෙති ගසා මරා දමා තිබු අතර , සමහරෙක් ඒවා ගෙල සිද , බාහු ඉවත් කර , පාද කපා කොටා කලවා අසලින් එල්ලා මිලේච්ච ලෙස මරා දමා තිබුනි. ඇය මිනිසුන් 49 ක් පමණ මරා දමා ඇති බව විශ්වාස කෙරේ.


....................................................................... 


Albert Fish (Killings between 1919 and 1930)

 


Albert Fish , ඇමරිකාවේ හිටපු නීචම අපරාධකාරයා , කාමාතුරයා , ඒ වගේම මිලේච්චයා ලෙසත් මොහුව හැදින්විය හැකියි. ඔහුට ආරුඩ නම් කිහිපයක්ම තිබුනි.Gray Man, Brooklyn Vampire, The Boogeyman, the Werewolf of Wysteria ඒවායින් කිහිපයකි. මහත්මා පෙනුමකින් හෙබි මුණුපුරන් පවා සිටින දයාබර මිනිසෙක් වූ ඔහුට තම අවශ්යතාව පරිදි රාක්ෂයෙක් වීමට හැකියාවක් තිබී ඇත.

ඔහුගෙ බිරිද Fish ව හදුන්න්වන්නෙ ලොව ආදරනීයම ස්වාමියා ලෙසයි. දරුවන්ට ඔහු මහගු වස්තුවකි. එතරම් යහපත් Fish ගේ අපරාධ සැවොම මවිතයට පත් කරයි.

ලමුන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයා ලෙස Fish Washington හි උපත ලැබුවේය.ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුම මානසික රෝග වලින් පෙලී ඇත. Fishගෙ පියා මිය ගිය පසු දරිද්‍රතාවය දරා අත නොහැකිව ඔහුගෙ මව විසින් Fish ව අනාථ මඩමකට ඇතුලත් කර ඇත.ඒහිදී නිතරම මඩමේ පාලකයන්ගෙ ගුටි බැට වලට මුහුණ දීමට සිදු වු Fish හට උදාවුයේ කය රිදුම් දෙන දුක්බර සමයකි. පසු කලෙක ඔහු එම වේදනාවට හුරු විනි. Fish එයට ආසා කලේ මත් ද්‍රව්යකට අබ්බැහි වු අයෙක් ලෙසයි. තමා විසින්ම ශරීරයට වේදනා ගෙන දෙන තත්වයකට ඔහු ඇද වැටිණී.

ඔහු අවුරුදු 12 දී පමණ සමලින්ගිකයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය.
ඔහු මුත්‍රා බීමට මලපහ අනුභව කිරීමටද පෙලබුනී.
සති අන්තවල ඔහු පොදු නාන ස්ථාන වලට ගොස් තරුණයන් ස්නානය කරන දෙස බලා සිටීමට පුරුදු විය. ඔහු සමලින්ගිකයන් හට පහස ලබා දෙන්නෙකු බවට පත් වූ අතර විවාහ වුවත් එය නැවතුනේ නැත.

අනතුරුව ඔහු තම වෘෂණ කප දමුවේය. ( අණ්ඩ හරණය ) . ගණිකා නිවාස වලට ගොස් කස පහර කෑමටත් ඔහු ප්‍රිය වුයේය.
එමෙන්ම Fish තම ලින්ගේන්ද්‍රිය අතුලුව මුලු සිරුරටම කටු 27 ක් පමණ ඇණ ගෙන ඇත.

වයස අවුරුදු 55දී පමණ ඔහු දේව විශ්වාස වල මුලා වුයේය. දෙවියන් විසින් තමා මවා ඇත්තේ පිරිමි ලමුන්ගේ වෘෂණ කපා දැමීමටයයි ඔහු විශ්වාස කලේය. ඔහු පිරිමි ලමුන් මරා දැමීමට පෙලබුනේ මින් අනතුරුවය.ඔහුට අරමුණ වන්නට ඇත්තේ ඔවුන්ගේ වෘෂණ කපා දැමීමට වුවත් එය කෙලවර වී ඇත්තේ ඔවුන්ගේ මරණයෙන් වියයුතුයි.

විදුලි පුටුවෙහි ඉන්දවා ඔහු මරා දැමුණී.



............................................................................




Charles Manson (Killings in 1969)




ලොව දරුණුතම මිනිහා , යක්ෂයා වැනි නම් වලින් අන් අයට තමන්ගේ බිහිසුණු බවට නමක් යෙදීමට අවසරය ලබා දුන් චාල්ස් මැන්සන් 60 දශකයේ ත්‍රස්තවාදය ලෙස හැදින්විය හැකියි. 

1934 අවුරුදු 16 වයසැති කාන්තාවක් චාල්ස්ට උපත ලබා දිනි. ඇය නිතරම කුඩා චාල්ස් ඔහුගේ නැන්දා හෝ මිත්තණිය සමග තැබීය. ටික කලකින් පසු ඇයට අයුධ හොරකමට අසු වී හිර ගත වීමට විය.චාල්ස්ගේ පියා ඔහු ඉපදී ටික කලකින්ම තම බීරිද ,ඒනම් චාල්ස්ගේ මව හැර දා යාම නිසා චාල්ස් නිතරම හැදී වැඩුනේ තනිවයි. 

මව හිරෙන් නිදහස් වුවත් චාල්ස්ගේ භාරකත්වය ගැනීමට ඇයට කිසිදු උවමනාවක් නොතිබිනි.ඒ වෙනුවට ඇය කලේ මුදලට චාල්ස්ව විකිණීමට උත්සහ දැරීමයි .මෙවැනි සිද්දීන් හේතු කොට ගෙන චාල්ස් කුඩා කල සිටම අනුන් හට කරදරයක් වෙන ලෙස ජීවත් විය .ඔහුට අවුරුදු නවයේදී පාසලෙන් චාල්ස්ව නෙරපා දැමීය.වයස අවුරුදු 26 පමණ වන විට ඔහුට විරුද්ධව ස්ත්‍රී දුෂණ , හොරකම් , මත්ද්‍රවය,ගණිකාවන් සැපයීම ආදිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුනී.
චාල්ස් ආගමික විශ්වාස වලට නැඹුරුවක් තිබු අතර ඔහුට මිනිසුන් මෝහනය කර තමාගේ අනුගාමිකයන් ලෙස තබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබුනී.ඔහුට වයස අවුරුදු 34 දී පමණ ඔහු "චාල්ස් මැන්ස්න් පවුල " නැමති සන්විධානය ඇති කර ගත් අතර එය ඔහුගේ අනුගාමිකයන්ගෙන් සමන්විත විය. අනුගාමිකයන්ගෙන් වැඩි පිරිසක් කරදරකාරී අතීත තිබු කාන්තාවන් විය.ඔවුන් චාල්ස් හට ජේසුතුමා ( Jesus Christ ) යනුවෙන් පවසන් තරමටම චාල්ස් ඔවුන් ඇදබැද තබා ගත්තේය.චාල්ස් පවසන ඔනෑම දෙයක් ඉටුකර දීමට ඔවුන් නොපැකිලිව ඉදිරිපත් විය.

චාල්ස් සන්ගීතයට දැඩි ලෙස ඇලුම් කල තැනැත්තෙකු විය.බීට්ල්ස් සන්ගීත කණ්ඩායමේ රසිකයෙකු වූ ඔහු විශ්වාස කලේ බීට්ල්ස් යනු මෙලොවෙහි පෙරලියක් කිරීමට පැමිනූ සුවිශේෂී බල සහිත සෘෂිවරු බවයි.
චාල්ස් තම අනාගතයේ විය හැකි දේවල් පිලිබද සිහින මැවුවා.ඔහු සිතුවේ දිනක, කලු ජාතිකයන් සියලුම සුදු ජාතිකයන් මරා දමනු ඇති බවත් ලොවට ඉතිරි වන එකම සුදු ජාතිකයන් පිරිස තම " චාල්ස් මැන්ස්න් පවුල " බවත්ය.කලු ජාතිකයන් පහත් මිනිසුන්ගේ සම්මිශ්‍රණයක් නිසා මුලු ලොව පාලනය කිර්‍රමේ අයිතිය තමා සතු බව ආදී වශයෙන් නොයෙකුත් දෑ ගැන ඔහු සැලසුම් කලේය. 
අවසානයේ ප්‍රතිපලය වුයේ තම මනස්ගාත වලට අරුතක් දීමේ අදහසින් තම අනුගාමිකයන් ලවා කිසිදු හේතුවක් නොමැතිව මිනිසුන් මැරවීමට චාල්ස් පෙලඹීමයි.

ඔහු අත් අඩන්ගුවට ගෙන ඔහුට මරණ දඩුවම නියම කලත් පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලෙසට ලිහිල් කරන ලදී. වරක් ඔහුගෙන් එම අපරාධ පිලිබද විමසද්දී ඔහු පැවසු දෙය අදටත් මිනීමරුවෙකු පැවසූ බිහිසුණුම වචන කිහිපය ලෙස බොහෝ දෙනා සලකයි. එනම්
" මැරුවේ මම නෙමෙයි.මගේ අනුගාමිකයන්. මම මරන්න පටන් ගත්තනම් උඹලා එකෙක් වත් ඉතුරු වෙන්නේ නෑ. " ( Beleive me , If I started murdering people , there'd be none of you left )

මෑතකදී ගත් ඡායාරූපයක්





........................................................................... 


Herman Webster Mudgett – Dr. Holmes (Killings between 1893 and 1895)



 


හර්මන්ගේ අපරාධ දිවිය ඇරෙඹෙන්නේ ඔහු මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකු ලෙස අධ්‍යාපනය හදාරණ සමයේදීයි.පරීක්ෂණ සදහා රදාවා තිබු මල සිරුරු හොරකම් කර ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමේ ඉතා සූක්ෂම ජාවාරමක යෙදුනී .මත්ද්‍රව්‍ය විකුණන ගබඩා ඇති කිරීමෙන් ඉතා ඉක්මනින් ධනවතෙකු වු හර්මන් තම මුදල් වියදම් කර මහල් කිහිපයකින් සමන්විත මන්දිරයක් ඉදි කරවුයේය.එම මන්දිරය චිත්‍රපට වල එන හොල්මන් මන්දිරයක ආභාෂය කියා පායි. එනම් ඔහු විසින් එම මන්දිරය සැලසුම් කල ආකරය අනුව මන්දිරය සතුව උගුල් ඇටවු දොරවල් , බොරු වලවල්, ව්‍යාජ බිත්ති , ඇසිඩ් කල්දේරම්, නිමක් නැති පඩි පෙලවල්, මෙන්ම රහස් මාර්ග පවා තිබුනී.

හර්මන් තම මන්දිරයෙහි කාමර කුලියට දීම ආරම්භ කලේය. පෙර කී උගුල් වලට අසූ වී ජිවිත අහිමි වන සියල්ලන්ගෙම ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට කූට උපක්‍රම යෙදීමෙහිලා හර්මන් දක්ෂයෙක් විය. ඔහුගේ " වද හින්සා මන්දිරය " ට පැමිණියේ කාමර මිලදී ගන්නා අය පමණක්ම නොවේ. ඔහු විසින් විවාහ වන බවට පොරොන්දු වූ කාන්තාවන්ද මේ අතර විය. එක් එක් කාන්තාවන් තම උගුල් වලට අසු කර මර වන්නට පෙර ඔවුන් සතු සම්පත් තමා නමට හැරවීමට කැමති කරවා ගැනීමට තරම් හර්මන් කාන්තාවකට ආදරණිය පෙම්වතාගේ චරිතය රග දක්වන අයුරුද මැනවින් දැන සිටියේය.

හර්මන් නිව් හැම්ප්ෂියර් හී උපත ලැබුවේය. ඔහුගේ පියා දැඩි ගතිගුණ වලින් සමන්විත තැනැත්තෙකු වු අතර ඔහුගේ රළු බැනුම් වලට යටවු ලමා වියක් හර්මන්ට හිමිවිය. ඔහු වෛද්‍ය මධ්‍යස්ථාන වලට බියක් දැක්විය. ඒ කුඩා ලමයකු ලෙස බෙහෙත් ගැනීමට තිබූ අකමැත්තද , ඔහු තුල පැවති මානසික රෝගයක්ද යන්න පිලිබද එතරම් විස්තර සදහන් නොවේ. ඔහුත් සමග ඉගෙන ගත් අනෙක් ලමුන් ඇටසැකිලි ස්පර්ෂ කරන මෙන් හර්මන් ට බල කිරීමත් , ඔවුන්ගේ අනිසි විහිලු වලට නිතර ලක්වන්නට සිදු වීමත් සමග ඔහු බියෙන් කල් ගෙවුවේය.එහෙත් පසුව නිරන්තරයෙන් එල්ලවන මෙම විහිලු නිසා ඇටසැකිලි වල තිබු බිය තුරන් වී එවා පිලිබද ආසාවක් හර්මන්ගේ සිත තුල වර්ධනය විය. ඔහු මල මිනී හොරකම් කිරීමට උත්සහ දරන්නේ මින් අනතුරුවයි.

හර්මන් චිකාගෝ හි පදිංචිවූ පසු විවිධාකාර වංචනික කටයතු වල නිරත වූ අතර තමා හැදින්වීමට " එච්.එච්.හෝම්ස් " නැමති අනවර්ථ නාමය යොදා ගන්නා ලදී.ඔහු විවාහකයෙකු වූ අතර තමා පලමුව විවාහ වූ කාන්තාව තම පලමු බිරිද ලෙස තබා ගන්නා අතරාතුරම දෙවරක් විවාහ විය.හර්මන් යනු කාන්තාවන්ගේ සිත් වශී කරගත හැකි තැනැත්තෙකු ලෙස ප්‍රකටය.කාන්තාවන් මරා දැමීමට ඔහු නිතර යෙදූ උපක්‍රමය වුයේ විෂ වායු සහිත කාමර වල ඔවුන් සිර කිරීමයි.

ඔහු තම අපරාධ මාලිගයෙහි වසර 3ක් තිස්සේ බිහිසුනු මිනීමැරුම් කලේය.එය කාමර 100කින් පමන සමන්විත වූ අතර ඔහු විසින් ඉදි කල වායු නල වර්ගයක් හේතුවෙන් මරණයට පත්වන්නගේ කෑගැසිම්, උදව් ඉල්ලිම් ආදී කිසිදු ශබ්දයක් පිටතට නොඇසුනී.තම ගොදුරු වල මරණයට පත් වන්නන් බොහොමයක්ගේ ඇගේ කොටස් ඉවත් කර ඇටසැකිලි විශ්ව විද්‍යාලවලට විකීණීමටත් ඔහු නොයෙකුත් උපක්‍රම යෙදීය. ඔහු ගබ්සා සැත්කම් පවා සිදු කල අතර ඔහුගේ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් මිය යාමත් විශේෂයක්.

හර්මන් කොටු කරගත් විට ඔහු එල්ලා මරා දමන ලෙසට නොයෝග ලැබුනී. අවසාන අවස්ථාවේ කෑම වේලට තම්බන ලද බිත්තර , බැදපු මස් කා කෝපි පානය කල ඔහු පවසා ඇත්තේ තමා කොන්ක්‍රීට් වල මිහිදන් කල යුතු බවයි. එවිට කිසිවෙකුටත් ඔහුගේ මලසිරුර හැරීමට හැකි නොවනු ඇතැයි ඔහු විශ්වාස කර ඇත. මෙයට හේතුව වන්නට ඇත්තේ තම හැසිරීමම ඇති තව අයෙක් තම මලසිරුර සොරකම් කරනු ඇතැයි ඔහු තුල තිබු බිය විය යුතුයි. හර්මන් එල්ලා මැරීමේදී ඔහු මිය ඉතා සෙමිනි. එනම් ඔහු මද වේලාවක් වේදනාවෙන් පණ අදිමින් සිට ඇත.මෙලස ඉතා නිර්මාණශීලි මනසක් තිබු මිනිසෙක් වැරදී මාවතේ ගමන් කල හෙයින් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.


.......................................................................... 

Coral Eugene Watts – (Killings between 1974 and 1982)

 



වොට්ස් යනු මිනීමරුවෙකි . බිහිසුනුම මිනීමරුවෙකි. මිනිසුන් 100 කටත් වඩා මරා දැමු සාහිසිකයෙකි.නමුත් වරක් ඔහු ඉදිරිපත් කල අභියාචනාවක් සලකා බලා ඔහු නිදහස් කිරීම හෝ නොකිරීම පිලිබද විවිධ මතවාද ඇති කල තැනත්තෙකු වු ඔහු අපරාධ දම්වැලේ සුවිශේෂී පුරුකකි.

දිනක් වොට්ස් පොලිසියේ නිලධාරීන්ගේ රැකවල් මැද කාමරයක සිටියේය. එහි පොලිස් නිලධාරීන් 4දෙනෙක් සිටියේය.මේ වොට්ස් අත් අඩංගුවට ගත් අලුතයි. එක් පොලිස් නිලධාරියෙක් වොට්ස්ගෙන් මෙසේ විමසුවේය .
" උඹ උඹේ අතේ අගිලියි කකුලේ ඇගිලියි ගානටම මිනිස්සු මරලා ඇති නෙද ? "
වොට්ස් මද සිනහවක් පා ඉත සරලව පැවසුවේ
" මේ කාමරේ ඉන්න හැමෝගෙම අතෙයි කකුලෙයි තියෙන ඔක්කොම ඇගිලි ගානටත් වඩා මම මිනිස්සු මැරුවා " ලෙසය.

වොට්ස් අප්‍රිකානු සම්භවයකින් එන ඇමරිකානු ජාතිකයෙක්. ඔහුගේ ගොදුරු වලින් බොහොමයක් සුදු ජාතිකයින්.
වොට්ස් කාන්තාවන් රැසක් මරා දමා ඇත.එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ තම ඔවුන්ගේ ඇස් වල විනාශය හගවන සේයා දුටු බවයි.සමහර කාන්තවන්ගේ ආත්මය තුල තිබෙන යක්ෂා බල වේග ලොවට පැමිණීම නැවැත්වීමට ඔවුන්ව ජලයෙහි ගිල්ව වීමට සිදු වූ බවයි.

මොහුගේ මිනීමැරුම් Serial Killer කෙනෙකුගේ අපරාධයකියි බොහෝ කලයක් යනකන් කිසිවෙකු සිතුවේ නැත.එයට හේතුව වොට්ස් රටේ විවිධ ප්‍රදේශ වල අපරාධ කිරීමයි. ඔහු කාන්තාවන් දූෂණය නොකර මරා දැමීමෙන් පමණක් සැහීමකට පත් වූ නිසා DNA පරික්ෂණ වලදීද වොට්ස් ගැන කිසිදු තොරතුරක් අනාවරණය වුයේ නැත.

වොට්ස් බොහෝ විට ඝාතනය කලේ අවුරුදු 14ත් 34ත් අතර සුදු ජාතික තරුණියන්ය. ඔහු හුස්ම හිර කිරීම , පිහියෙන් ඇන කපා කොටා දැමීම හෝ පොල්ලකින් පහර දීම යනාදි ක්‍රම වලින් අපරාධ සිදු කලේය.
වොට්ස් කුඩා කාලයේම ඔහුගේ දෙමාපියන් දික්කසාද වු අතර ඉන් පසුව වොට්ස්ට සිදු වුයේ තම මව හා සුළු පියා සමග විසීමයි. ඔහු කුඩා කල සිටම ඉගෙනීමට දුර්වල වූ අතර වයස අවුරුදු 16දීත් තම අදක්ෂයතා මත 3 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලැබීම පිලිබද දැඩි වේදනාවෙන් පසු වී ඇත. එමෙන්ම ඔහු ඉතා හොද බොක්සිං ක්‍රීඩකයෙකුද වේ.
වොට්ස් කුඩා කල සිටම බියකරු සිහින දැක ඇත. තමා විසින් කාන්තාවන් ඝාතනය කරන අයුරු ඔහු නිතරම හීනෙන් දැක්කේය.ඔහු පසු කලක පවසා ඇත්තේ එවැනි හීන තමා ප්‍රබෝධමත් කල බවයි.

කාලය කෙමින් ගෙවී යද්දී වොට්ස් හට සිහින වලින් පමණක් සෑහීමකට පත් වීමට නොහැකි විය. ඔහු එම සිහින අත්හදා බැලීමට උත්සහ කලේය. මුල් කාලයේ ඔහු කාන්තාවන් හට පහර දීමෙන් පමණක් සිය ආසාවන් ඉටු කරගත් අතර පසුව ඔහු ඔවුන් මරා දැමීමට පෙලඹුනේය.

වොට්ස් අතඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට එරෙහිව සාක්ෂී එතරම් නොමැති බව උසාවියට පෙනී ගියේය.එම නිසා ඔහු තම අපරාධ පාපොච්චාරණය කලහොත් ඔහුට ලැබෙන දඩුවම ලිහිල් කරන බව ඔහුට දැනුම් දිනී.හිරේදී ඔහු තුල තිබූ යහපත් හැසිරීම නිසා ඔහු 2006 දී නිදහස් කරන බවට රාවයක්ද පැවතුනී.කෙසේ හෝ වොට්ස් තම වැරදි පිලිගත්තේය.ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුනු අතර 2007දී පිලිකාවක් නිසා ඔහු මිය ගියේය..

6 comments:

  1. අතිශයින්ම අමිහිරි දෙයක් ගැන ලියා තිබුනත් ඔබ ඉතා හොදින් මෙය ලිවීම ගැන නම් වචන දෙකක් නැත.

    ReplyDelete
  2. ස්තුති මචන්..

    ReplyDelete
  3. තව ලියන්න.මමනම් කියන්නේ මුළු ලෝකෙන්ම තිරිසන් මිණීමරුවො වැඩිපුරම ඉන්නෙ මැදපෙරදිග කියලා.

    ReplyDelete
  4. මෙහෙම බ්ලොග් එකක් දැක්කමයි.
    කවදාවත් අහල නොතිබුන විස්තර වගයක්

    ReplyDelete
  5. niyamai machan! plz thawa daapan wistara!

    ReplyDelete
  6. බ්ලොග් එක ලියන එක අතරමග නතර කරලද? දිගටම ලියන්න...

    ReplyDelete